Pages

Thursday, June 8, 2017

පිළිසිඳගත් දරුවා මවට එපා නම් මෙතැනට දෙන්න - රහස්‍යභාවය උපරිමයෙන් රකිනවා



පිළිසිඳගත් දරුවා මවට එපා නම් නිදහසේ බිහිකර ගැනීමට පහසුකම් සැලසීමටත් එම දරුවා තම රැකවරණය යටතේ පෝෂණය කිරීමටත් අවශ්‍ය නම් දරුවා රැගෙන යැමට මවට අවසරදීමටත් පරිවාස හා ළමාරක්‌ෂක සේවා දෙපාර්තමේන්තුව සූදානම් වනවා.


නාඋල පරිවාස නිලධාරි ජී. එම්. විඡේසිංහ  මේ බව අනාවරණය කළේ මාතලේ දිස්‌ත්‍රික්‌ ළමා හා කාන්තා සංවර්ධන කමිටුවේදී. 

දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ මෙම කමිටුව පැවැත්වුණා.
මේ අයුරින් දරු ප්‍රසූතියකට පැමිණෙන මව්වරුන්ගේ රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්‌ෂා කෙරෙන බවයි ඔහු සඳහන් කළේ. 

අනවශ්‍ය ගැබ්ගැනීමක්‌ සිදුවූ විට සමාජයට මුහුණදෙන්නට නොහැකිවීම, සියදිවි නසාගැනීම්, අවදානම් ගබ්සාවන්ගෙන් සිදුවන මරණ ආදිය ගැන සැලකිල්ලට ගෙන රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

0 comments:

Post a Comment